අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉවත් වෙනවා

අද (28) මධ්‍යම රාත්‍රියෙන් සිට තෙල් ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
මේ වන විට පවතින සංචිත බෙදා හැරීම පමණක් සිදුකරන අතර, අලුතින් සංචිත ඇනවුම් කිරීමක් සිදු නොකර බව එම සංගමය සඳහන් කරනවා.
ඉන්ධන බෙදුම්කරුවන්ට මේ වන විට හිමිවන 3% ක වට්ටම් මුදල අහෝසි කර, එය හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සමීකරණයකට අනුව ගෙවීම් සිදු කිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
2022 වසරේ මාර්තු මාසයේ දී නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව මෙය බලාත්මක වී ඇති අතර, ඒ අනුව දැනට ගෙවනු ලබන මුදල අනීතික බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසනවා.
මෙම තත්ත්වය තුළ ඛණිජ තෙල් ඇණවුම් කිරීමෙන් ඉවත් වීමට තීරණය කළ බව බෙදුම්කරුවන්ගේ සංගමය අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළ බව වාර්තා වෙනවා.