ඉන්දියාවෙන් බංග්ලාදේශයට ගිය ලිපිය

බංග්ලාදේශයේ ජාතික දින සැමරුම වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්, බංග්ලාදේශයේ ප්‍රධාන උපදේශක මුහම්මද් යුනුස් වෙත ලිපියක් යොමු කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
එම ලිපියේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරය දෙරටේ අන්‍යෝන්‍ය සංවේදීතාවයේ වැදගත්කම අවධාරණය කර ඇති අතර, බංග්ලාදේශ විමුක්ති යුද්ධය . හවුල් ඉතිහාසයක් ලෙස සඳහන් කර තිබෙන බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
තායිලන්තයේ පැවැත්වෙන බිස්ටෙක් සමුළුවේදී ප්‍රථම වරට නායකයින් දෙදෙනා එකිනෙකා හමුවීමට නියමිතව ඇති පසුබිමක් තුළ මෝදි විසින් මෙම ලිපිය යොමු කර තිබෙන බව සඳහන් වෙනවා.
දෙරටේ ද්වීපාර්ශ්වික හවුල්කාරිත්වයේ අඩි තාලම දැමූ හවුල් ඉතිහාසය සහ කැප කිරීම් සඳහා ජාතික දිනය සාක්ෂියක් බව ඉන්දීය අගමැතිවරයා, මෙම ලිපියෙන් අවධාරණය කර ඇති අතර, ඔහු සඳහන් කර තිබුණේ ,බංග්ලා දේශයේ විමුක්ති සංග්‍රාමයේ ආත්මය අපගේ ජනතාවට ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ ගෙන දෙමින් බහු විධ වසම් හරහා සමෘද්ධිමත් වූ අපගේ සම්බන්ධතාවයට මාර්ගෝපදේශක ආලෝකයක් ලෙස දිගටම පවතී, යනුවෙනි.
මේ අතර ඉන්දියාව සහ බංග්ලාදේශය අතර සබඳතා ඉදිරියට ගෙනයාමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ලිපියෙන් පවසමින් වැඩි දුරටත් සඳහන් කර තිබුණු අතර, ,සාමයල ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා අපගේ පොදු අභිලාෂයන් විසින් මෙහෙයවනු ලබන සහ එකිනෙකාගේ අවශ්‍යතා සහ උත්සුකයන් කෙරෙහි අන්‍යෝන සංවේදීතාව මත පදනම්ව මෙම හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාමට අපි කැප වී සිටිමු , යනුවෙන් වැඩිදුරටත් සඳහන් කර තිබූ බව වාර්තා වෙනවා.
