කෝටියක් වටිනා මත්පැන් එකම තැනකින්

නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් මෝටර් රථ අමතර කොටස් ආනයනය කරන ව්‍යාපාරික මධ්‍යස්ථානයක තිබී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් තොගයක් අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බළකාය සමත් ව තිබෙන බව වාර්තා වෙනවා.

අදාළ මත්පැන් තොගය මෝටර් රථ අමතර කොටස් ආනයනය කරනු ලබන ව්‍යාපාරික ස්ථානයක, බිම් මහලේ මෝටර් රථ අමතර කොටස් උපාංග අතර ඉතා සූක්ෂමව රහසිගත අයුරින් සඟවා තිබියදී අදාළ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව එහි කළමනාකරු වශයෙන් සිටි 59 හැවිරිදි පුද්ගලයෙකුද අදාළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විදේශීය මත්පැන් තොගය කොල්ලුපිටිය සහ කොට්ටාව ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන රාත්‍රී සමාජ ශාලා හිමිකරුවෙකු විසින් එම සමාජ ශාලාවලට නිකුත් කිරීම සඳහා එම ව්‍යාපාරිකයාට අයත් මෙම ව්‍යාපාරිකයාට අයත් ව්‍යාපාරික මධ්‍යස්ථානයේ සඟවා, ඉන් පසුව තොග වශයෙන් මෙම සමාජ ශාලා වෙත ගෙන ගොස් ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *