මාර්ගය වසා දැමීම නිසා කඩා වැටුණු ජන ජීවිත

පාකිස්තානය සහ ඉරානය අතර ප්‍රධාන මාර්ගය වන N-40 ජාතික අධිවේගී මාර්ගය අඛණ්ඩව වසා දැමීම හේතුවෙන්, පාකිස්තාන ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම මාර්ගය වසා දැමීම ඉරානය සමඟ පාකිස්තානයේ ගොඩබිම් සම්බන්ධතාවයට බලපා ඇති බවත්, විශේෂයෙන් ම මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ඛඡුඨ ගෑස් සැපයුම ද අත්හිටුවා තිබෙන බවත් එම මාධ්‍ය සඳහන් කරනවා.
දෙරට අතර පවතින ආතතීන් හේතුවෙන් පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර දේශසීමාව ද වසා දමා ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා.
ආගමන බලධාරීන් පෙන්වා දෙන ආකාරයට දිනකට 10,000 කට ආසන්න පිරිසක් ඔදරනය්ප දේශ සීමාව හරහා ගමන් කරන බව සඳහන් වෙනවා.
