ගමන්මලු සහ ජංගම දුරකථන කොත්මලේ පොලිසියේ

ගැරඬිඇල්ලේ බස් අනතුරින් අනතුරට පත් බස් රථයේ සිටි ජනතාවගේ ගමන්මලු සහ ජංගම දුරකථන මේ වනවිට කොත්මලේ පොලිසියේ සුරක්‍ෂිතව තබා තිබෙන බවත්, තම අනන්‍යතාව තහවුරු කර එම භාණ්ඩ හා ජංගම දුරකථන ලබාගත හැකි බවත්, කොත්මලේ පොලිස් ස්ථානාධිපතිවරයා පවසනවා.
ඒ අතර, ජංගම දුරකතන 35 ක්, ගමන්මලු සහ අනෙකුත් වටිනා බඩු භාණ්ඩ ප‍්‍රමාණයක් තිබෙන බවත්, ඒවා පොලීසිය තුළ සුරක්ෂිතව තබා ඇති බවත්, ස්ථානාධිපතිවරයා සඳහන් කරනවා.