මහා ශිව රාත‍්‍රිය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (26) යෙදී තිබෙනවා.

ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ මංගල්‍යය මහා ශිව රාත්‍රී දිනය ලෙස සැළකෙනවා.

හින්දු බැතිමතුන්ගේ විශ්වාසය වෙන්නේ, මෙලෙස රාත්‍රි නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන්, තමන්ට මෝක්ෂය ලැබෙන බවයි.

අඳුර දුරු වී ප්‍රඥා ආලෝක දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් හින්දු බැතිමතුන් අද රාත්‍රිය පුරා පංච ඊශ්වර දේවාලයන් කේන්ද්‍රකර ගනිමින් උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරතවීම විශේෂත්වයක් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *