මහීෂ්ට ලැබුණු උසස්වීම

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අංක 1 ට පැමිණ තිබෙන බව වාර්තා වෙනවා.
පසුගියදා නිමාවූ ඔස්ට්‍රේලියාවට එරෙහි තරග 2 කින් සමන්විත වූ එක්දින තරගාවලියේදී මහීෂ් දැක් වූ සුපිරි දක්ෂතා හේතුවෙන් ඔහුට මෙම කඩඉමට පැමිණීමට හැකිව තිබෙනවා.
මහීෂ්ගේ පැමිණීමත් සමග මෙම ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමිකරගෙන සිටි ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන්ට දෙවන ස්ථානය දක්වා පසුබැසීමට සිදුවූ අතර, මහීෂ් එක්දින ශ්‍රේණිගතකිරීම්හි පළමු ස්ථානයට පැමිණි පළමු අවස්ථාව වෙනවා.