නොතීසි ගැන කිව්ව ගමන් ක‍්‍රියාත්මක වුණූ මෛත‍්‍රී

රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුවේ විත්තිකරුට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව ගෙවීමට නියම වූ රුපියල් මිලියනයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගෙවා තිබෙන බව ඔහුගේ නීතිඥවරු අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

එම වන්දි මුදල් ගෙවා නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඒ සම්බන්ධයෙන් ලබන අප්‍රේල් මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිට දඩුවම් නොකිරීමට හේතු දක්වන ලෙස දන්වා මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කරන මෙන් අද (11) පෙරවරුවේ නියෝගයක් ද නිකුත් කර තිබුණා.

එම තීන්දුව නිකුත් කර ස්වල්ප වේලාවකින් පසුව අධිකරණය හමුවේ පෙනී සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා, අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා විසින් අදළ වන්දි මුදල ගෙවා තිබෙන බව සඳහන් කර තිබෙනවා.

එවිට විනිසුරු මඩුල්ල ජනාධිපති නීතිඥවරයාට දන්වා සිටියේ මෙම කරුණ මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *