ප‍්‍රධාන ජලාශ රැසක් වාන් දමලා

දිවයින පුරා ඇද හැළුණු අධික වර්ශාපතනය හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ අතුරින් ජලාශ 24 ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම වාන් දමන ප්‍රධාන ජලාශ අතරින් අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ 6 ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලාශ 6 ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 4 ක්, බදුල්ල, කුරුණෑගල, මොනරාගල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇති ජලාශවලින් ජලාශ 2 බැගින්ද, මුළු ජලාශ 24 ක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙම ප්‍රධාන ජලාශයන්ට අමතරව මධ්‍යම පරිමාණයේ ජලාශ 16 කට අධික ප්‍රමාණයක්ද වාන් දමමින් පවතින බව පැවසූ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ දෙපාර්තමේන්තුව සතුව පවතින ප්‍රධාන සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශවල ගබඩා කරගත හැකි මුළු ජල ධාරිතාවෙන් 91% කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ගබඩා කර ගත හැකි වී ඇති බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *