විශේෂ විමර්ශණ රැසක් ශානි යටතට

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය ශානි අබේසේකර ඇතුළු විමර්ශකයන් පිරිසක් යටතට පත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව විවිධ හේතු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු වලින් ඉවත් කරන ලද විමර්ශන නිලධාරීන් යටතට ආන්දෝනාත්මක ඝාතන සිදුවීම්වල විමර්ශන කටයුතු පත්කිරීමට නියමිතව තිබෙන බව සඳහන් වෙනවා.
පැවති ආණ්ඩුවෙන් එම නිලධාරීන් විමර්ශනවලදී ඉවත් කර විමර්ශන ඉදිරියට යාම වැළැක්වීමට පියවර ගත්තද වත්මන් රජය යටතේ අදාළ විමර්ශන ඉදිරියට කරගෙන යාමට සඳහා මෙම පියවර ගනු ඇති බවද සැලවෙනවා.
