මරදානේ චොප්පෙගේ පුතා අත්අඩංගුවට

කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ නොහොත් මරදානේ චොප්පෙගේ පුතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ඒ දෙමටගොඩ කෙන්ට් පාරේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන්, එම ඉඩමේ හිමිකරුට සහ දියණියට බැන මරණ තර්ජන කිරීම හේතුවෙනි.

ඔහු රජයේ නිලධාරින් පිරිසක් සමග අදාළ ඉඩමට ගිය විටදී මෙලෙස නිවෙස් හිමියාට සහ ඔහුගේ දියණියට තර්ජනය කර ඇති බව සඳහන් වෙනවා.

ඒ අනුව, අත්අඩංගුවට ගත් කිත්සිරි රාජපක්ෂගේ අද (29) අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *