මහ මැතිවරණයේ ජය මාර්ක් කර්නිට
කැනේඩියානු මහ මැතිවරණය ජයගැනීමට මාර්ක් කර්නිගේ නායකත්වයෙන් යුතු ලිබරල් පක්ෂය සමත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ කන්සර්වේටිව් නායක පියරේ පොයිලිවර් පරාජය පිළිගැනීමත් සමගයි.
මෙම ජයග‍්‍රහණයට ප‍්‍රධානම හේතුවක් ලෙස එම මාධ්‍ය සඳහන් කරන්නේ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෙර නොවූ විරූ ප්‍රහාරයි.
තීරුබදු පැනවූ සහ කැනඩාව ඈඳා ගන්නා බවට තර්ජනය කළ ට්‍රම්ප්ට, වඩා හොඳින් හැසිරවිය හැක්කේ කුමන අපේක්ෂකයාටද යන විශාල ප්‍රශ්නය නිසාම, මිලියන සංඛ්‍යාත ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු සඳුදා ලිබරල්වාදීන් පියරේ පොයිලිවර්ගේ ප්‍රධාන විපක්ෂ කොන්සර්වේටිව් පක්ෂය පරාජය වී තිබෙනවා.