දිනය අවසානයේ පිටියේ තත්වය

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී අද (6) ආරම්භ වූණු දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයට තරගය නතර කරන විට, කඩුලු 09 ක් දැවී ලකුණු 229 ක් රැස්කරගෙන සිටියා.
කඩුල්ලේ රැඳී සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 59 ක් රැස්කරගෙන සිටි අතර, ඔහු සමගින් ලකුණු 5 ක සබඳතාවක් පවත්වාගෙන ළහිරු කුමාර පන්දු 12 කට මුහුණදී සිටින අතර, ඔහුට ලකුණු ලබාගැනීමට අවස්ථාවක් ලැබී නැත.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඉහළම ඉනිම ක්‍රීඩාකළ දිනේෂ් චන්දිමාල් ලකුණු 74ක් රැස්කර ගත් අතර, ඊට අමතරව, තම අවසන් මෙන්ම 100 වන ටෙස්ට් තරගයට ක්‍රීඩාකරන දිමුත් කරුණාරත්න ලකුණු 36 කට දැවී ගිය බව සඳහන් වෙනවා.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාක් 3/37 හා නේතන් ලියොන් 3/78 කඩුලු 3 බැගින්ද, මැතිව් කුහ්නෙමන් 2/53 කඩුලු 2ක්ද දවාගැනීමට සමත් වුණා.
හෙට තරගයේ දෙවන දිනයයි.