සල්ලි නිසා වහ හරි විකුණන වෙළෙන්ඳෝ

පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් ප්‍රවාහනය හා සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බළකා අරලංගවිල කඳවුරේ නිලධාරීන් හා පොළොන්නරුව මහජන සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ එක්ව ඊයේ (09) රාත්‍රියේ වැටලීමක් සිදුකර තිාබන අතර, එහිදී පොළොන්නරුව පොලිස් වසමේ, කර්මාන්තපුරය ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් ලොරි රථයකින් ප්‍රවාහනය කරන ලද සැකකරුවෙකු හා පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන්ව, පොළොන්නරුව මහජන සෞඛ්‍යය කාර්යාලය වෙත භාර දී තිබෙන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 41 හා 51 යන වයස්වල පසු වන පන්නල හා සන්දිවේලි ප්‍රදේශවල පදිංචිකරුවන් වෙනවා.
මෙහිදී පොල්තෙල් ලීටර් 7,700 ක් අඩංගු යකඩ බැරල් 35 ක්, පොල්තෙල් ලීටර් 7,920 ක් අඩංගු යකඩ බැරල් 36 ක් හා පොල්තෙල් ප්‍රවාහනයට යොදා ගන්නා ලද ලොරි රථයක්ද පොලිස් භාරයට ගත් බව සඳහන් වෙනවා.
මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන පොළොන්නරුව මහජන සෞඛය කාර්යාලය මඟින් සිදුකරනු ලබනවා.
