අද ජිනීවා සැසිය අමතන ඇමති විජිත

විදේශ අමාත්‍ය විජිත හේරත් අද (25) ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. අමාත්‍යවරයා ජිනීවා වේලාවෙන් අද පස්වරු 3.30 ට කවුන්සලය ඇමතීමට නියමිතයි.
ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ :ඹභ්‍යඍක්* 58 වැනි සැසිවාරයට සහභාගී වීමට ඇමැතිවරයා පසුගිය ඉරිදා 23 දිවයිනෙන් පිටත්ව ගිය බව වාර්තා වුණා.
මෙම සංචාරය අතරතුර, ඇමැතිවරයා එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු රාජ්‍ය ලේකම්, හයිබරිහි අතිගරු කොලින්ස් සාමිවරයා සමඟ ද්විපාර්ශ්වික හමුවක් ද පවත්වා තිබෙනවා.
ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක්, පලස්තීන රාජ්‍යයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වර්සන් අගබෙකියන් සහ තවත් නායකයන් ද හමුවී සාකච්ජා කර තිබෙන බව සඳහන් වෙනවා.
ඒවගේම, ස්ව්ට්සර්ලන්ත සහ පාකිස්තාන නියෝජිතයින් මුණ ගැසී සාකච්ජා කර ඇති බවත් සඳහන් වෙනවා.