පේරාදෙණිය ළමා රෝහල වෙත ගිය අමාත්‍යවරිය

ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී සිදු වූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබන ළමුන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු පිරිසක් පේරාදෙණිය ළමා රෝහල වෙත ගොස් තිබෙනවා.

මෙහිදී අමාත්‍යවරිය විසින් අදාළ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර පිලිබද සොයාබලා ඇති බවත්, ඔවුන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සහයෝගය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇති බවත්, වාර්තා වෙනවා.

විශේෂයෙන් ම අනතුරින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන එකම පවුලේ දරුවන් තිදෙනා සම්බන්ධයෙන් ද මෙහිදී අවධානයක් යොමුව ඇති බවද සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *