අප්‍රේල් මස 30 වැනිදාට පෙර රටින් පිටවිය යුතුයි

නීතිවිරෝධීව පාකිස්තානයේ රැදී සිටි ඇෆ්ගනිස්තාන ජාතිකයන් දහස් ගණනක් සිය රටින් පිටුවහල් කිරීමට පාකිස්තාන රජය පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, මෙම මාසයේ ගතවූ කාලය තුළ ඇෆ්ගනිස්තාන ජාතිකයින් 19,500 දෙනෙකු පිටුවහල් කිරීමට පාකිස්තාන රජය පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
පාකිස්තානයේ නීතිවිරෝධීව රැදී සිටින ඇෆ්ගනිස්තාන වැසියන් 80,000 ක් පමණ පිරිසකට අප්‍රේල් මස 30 වනදාට පෙර එරටින් පිටව යන ලෙස පාකිස්තාන බලධාරින් මේ වනවිට දැනුම්දීම් සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය පාකිස්තාන රජය වෙත දැඩි කනස්සල්ල පළකර තිබෙන බව වාර්තා වෙනවා.