“භාරතයේ පිබිදීම” සමුළුවට ගිය නාමල්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා.
නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමවීවී තිබෙන්නේ, ඉන්දියාවේ පැවැත්වෙන ,භාරතයේ පිබිදීම, සමුළුව සමුළුවට සහභාගීවී සිටින අතරතුරදීයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ ,භාරතයේ පිබිදීම, සමුළුව අමතා දේශනයක්ද සිදුකර කර තිබුණු බවත් වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාවේ පැවැති ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව මෙරට සංවර්ධන ව්‍යාපෘති දේශපාලන හේතූන් මත කල්යෑම බව, ,භාරතයේ පිබිදීම, සමුළුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.
උදාහරණයක් ලෙස 2015 වසරේදී සාම්පූර් බලාගාරය ආරම්භවීමට නියමිතව තිබුණ ද එය කල්යෑමේ ප්‍රතිඵලයක් ලෙස බලශක්ති අර්බුදය ඇතිවූ බවත්, 2022 දී ඇතිවූ මෙම බලශක්ති අර්බුදය පසුව මූල්‍ය අර්බුදයක් බවට පත්වූ බවත්, මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
අමෙරිකාවේ තීරුබදු සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ දකුණු ආසියාවේ සියලු ජාතීන් දේශපාලන බෙදීම්වලින් තොරව කලාපයේ හවුල්කාරීත්වය තහවුරු කිරීමට කටයුතු කළයුතු බවයි.
විශේෂයෙන් ම ඉන්දියානු සාගර කලාපයේ රටවල් නව වෙළෙඳ හවුල්කාරීත්වයක් ගොඩනගා ගතයුතු බවද ඔහු සඳහන් කර තිබෙනවා.
