නාමල් රාජපක්ෂටත් නඩු වැටෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ අධිචෝදනා පත්‍ර නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට යොමුකර තිබෙන බව සඳහන් වෙනවා.
නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම අධිචෝදනා නීතිපතිවරයා විසින් එල්ල කර තිබෙන්නේ, රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව පවසමින්, ඉන්දියාවේ සමාගමකින් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළ බවටයි.
කෙසේ වෙතත්, මෙම සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින්, මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණු අතර, එම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබෙනවා.