විමර්ෂණයට ලක් කෙරෙන නාමල්ගේ විභාගය

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ විභාගයක් සඳහා නීත්‍යාණුකූල නොවන ආකාරයට පෙනී සිටීම සම්බන්ධව කළ පැමිණිල්ලකට අනුව, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.

“අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය” නමැති සංවිධානය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකරන බව පොලීසිය පවසනවා.

සමාජ මාධ්‍ය ජාලයක විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ පැවති විභාගයක් සඳහා නීතීඥයින් දෙදෙනෙකුගේ සහය සහිතව පෙනී සිටිමින් නීති උපාධිය නීත්‍යාණුකූල නොවන ආකාරයෙන් ලබා ගෙන ඇති බවට වාර්තාවක් පළවී තිබෙනවා.

එම වාර්තාවකට අනුව අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව, වැඩබලන පොලිස්පතිතුමා විසින් මේ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *