හිඟය පියවා ගන්න ලැබුණු අසල්වැසි සහය

ශ්‍රී ලංකාවේ රෝහල් වල පවතින එන්නත් හිඟය පියවා ගැනීම සඳහා ඉන්දියාව ෆූරෝසමයිඩ් එන්නත් ඇමිපියුල 50,000 ක් (20mg/2ml) පරිත්‍යාග කර තිබෙනවා.
මෙම එන්නත් තොගය අද 13 ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී භාරදුන් බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා.
මෙම අවස්ථාවට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස් සහ ශ්‍රී ලංකා රජයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබෙන බව සඳහන් වෙනවා.
