අසල්වැසියාගේ කනස්සල්ල

බංග්ලාදේශය ඇතැම් අන්තවාදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව කනස්සල්ල පළ කරනවා. හින්දු සහ අනෙකුත් සුළු ජාතීන් ආරක්ෂා කිරීම බංග්ලාදේශ අන්තර්වාර රජයේ වගකීම බව ඉන්දියාව පවසනවා.
බරපතළ අපරාධ සඳහා දඬුවම් නියම වූ ප්‍රචණ්ඩ අන්තවාදීන් නිදහස් කිරීම නිසා නීතිය හා සාමය පිරිහීම තවදුරටත් උග්‍රවීම ගැන ඉන්දියාව කනස්සල්ලට පත්වී සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පවසා තිබෙනවා.
ඒ වගේම, ආරක්ෂක තත්ත්වය බංග්ලාදේශය සමඟ සංවර්ධන කටයුතු සඳහා සහයෝගීතාවයට බලපා ඇති බවද ඔහු පවසනවා.
විශේෂයෙන් ම හින්දු සහ අනෙකුත් සුළු ජාතීන් මෙන්ම ඔවුන්ගේ දේපළ සහ ආගමික ස්ථාන ආරක්ෂා කිරීම අන්තර්වාර ආණ්ඩුවේ වගකීම බව ඉන්දියාව නැවත නැවතත් අවධාරණය කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.