ඇරඹීමට සූදානම් වන නව ගුවන් සේවය

මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවදීයි.
මෙම සාකච්ඡාව සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ද සහභාගී වී තිබෙනවා.
මේ වනවිට සංචාරකයින්ගේ පැමිණීම ශ්‍රීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බැවින්, ගුවන්තොටුපොළ පහසුකම් හැකිතාක් පුළුල් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා.
දැනට පවතින ප‍්‍රමාණයට තවත් ඇතුළු වීමේ කවුන්ටර :ජයැජන – සබ ජදමබඑැරි* 20ක ප්‍රමාණයක් වත් එකතු විය යුතු බවට තීරණය වු අතර, ඒ සඳහා අවශ්‍ය ස්ථාන ද නීරික්ෂණය කළ බව සඳහන් වෙනවා.
විශේෂයෙන් ම මෙහිදී තිබෙන පහසුකම් තවත් වැඩිදියුණු කර වෙනත් ජාත්‍යන්තර ගුවන් සමාගම්වලට ද අප ගුවන්තොටුපොළට ආරාධනා කරන්නට ද මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා.
වසරකට මිලියන 12 ක පමණ ගුවන් මගීන් ප්‍රමාණයක් 2028 වන විට අපේක්ෂා කරන බැවින් ඊට සුදානම් වීමට අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා විසින් ලබා දුන් බව වාර්තා වෙනවා.