අලූත් අවුරුදු සහන පැකේජය පළමු වෙනිදා සිට

සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් සහන මිලට ලබාදෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජය ලබන 01 වැනි දා සිට 13 වැනි දා දක්වා නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.
දිවයින පුර පිහිටි ලංකා සතොස සහ කෝප්ෆෙඩ් අලෙවිසැල්වලින් මෙම ආහාර පැකේජය ලබාගත හැකි බව සඳහන් වෙනවා.
ඒ අනුව රුපියල් 5000 ක් වටිනා ආහාර මල්ලක් රුපියල් 2500 ක් වැනි මුදලකට ලබාගත හැකි වන බවත්, ඒ සඳහා අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයැදුම්පත් ඉදිරිපත් කර ඇති පිරිස අතුරින් සුදුසුකම් සහිත ප්‍රතිලාභීන්ට ද එය හිමිවනු ඇති බවත් වාර්තා වෙනවා.
