දැන් Plane එකේ යන්න ඕනේ නෑ

පසුගිය කාලයපුරා තාවකාලිකව නවතා දමා තිබූ ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවාව යළිත් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.

ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ දක්වා ක්‍රියාත්මක මෙම බෝට්ටු සේවාවේ පළමු බෝට්ටුව මාස දෙකකට වැඩි කාලයකට පසු අද 22 කන්කසන්තුරේ වරායට ළඟාවී තිබෙනවා. නාගපට්නම් වරායෙන් පිටත් වූ මෙම බෝට්ටුවේ මගීන් 83 දෙනෙකු සිටි බවයි.

මෙම බෝට්ටු සේවාව අඟහරුවාදා හැර සතියේ සෑම දිනකම ක්‍රියාත්මක වෙන අතර, මෙහි ගමන්ගන්නා මගීන්ට කිලෝග්‍රෑම් 10 ක ගමන් මළු රැගෙන යා හැකි වෙනවා. ඒ වගේම, ඊට අමතර ප්‍රමාණයක් රැගෙන යාමට අවශ්‍ය නම්, ඒ සඳහා අමතර ගාස්තුවක් ගෙවා එම සේවාව ලබාගැනීමටද අවස්ථාව සලසා තිබෙන බව සඳහන් වෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මෙම බෝට්ටු සේවාව, ඉකුත් වසරේ නොවැම්බර් මාසයෙන් පසු තාවකාලිකව නතර කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *