කිසිම අරගලයක් මායිම් කරන්නේ නෑ

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්, විවිධ චෝදනා රැසකට වරදකරු කර ඇති නිසාවෙන් තවදුරටත් පසුවන්නේ බන්ධනාගාරගතවයි.

ඒ අනුව, ඉම්රාන් ඛාන් අගමැතිවරයා වහාම නිදහස් කරන ලෙස බලකරමින් ඔහුගේ පාක්ෂිකයින් ඊයේ 09 එරට වයඹදිග ස්වාබි නගරයේදී විරෝධතාවක් පවත්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම විරෝධතාව පැවැත්වුණේ ඉම්රාන් ඛාන්ගේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය බලය පෙරලා දැමූ, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් වසරක් ගතවීමට සමගාමීව වීම විශේෂයි.

ඒ හේතුව නිසාම ඔවුන් එම දිනය කළු දිනය ලෙස නම් කර තිබෙනවා.

මෙහිදී එක්වූ දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් රජයට බලකර සිටියේ ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බවයි.

පසුගිය මැතිවරණයේදී තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයට මැතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව අහිමි කළ අතර එහි අපේක්ෂකයින් මැතිවරණයට ඉදිරිපත් වූයේ ස්වාධීනවයි. එහිදී එම ස්වාධීන කණ්ඩායම ආසන 93 ක් දිනාගත්තේ මහත් අභියෝගයක් නිර්මාණය කරමිනි.

කෙසේ නමුත් පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පක්ෂය සහ පාකිස්තාන මහජන පක්ෂය ඉන් පසුව එක්ව ආණ්ඩුවක් පිහිටුවා ගත්තා.

කෙසේ වුවත්, මේ අයුරෙන් ඉම්රාන් ඛාන් දිගින් දිගටම සිරගත කර රඳවාගෙන සිටින්නේ ඔහුව නිදහස් කරන ලෙස දසතින් කරන ඉල්ලීම් ද නොසළකා හරිමිනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *