ප‍්‍රාදේශීය සභා 3 ක් සඳහා නාමයෝජනා භාරගැනීම ඇරඹේ

මන්නාරම, පුනාකරී සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සඳහා නාම යෝජනා භාරගැනීම අදින් ආරම්භ වෙනවා. එය අවසන් වන්නේ, 27 වැනිදා මධ්‍යහන 12 න් බව සඳහන් වෙනවා.

එම ප්‍රාදේශීය සභා සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට දී ඇති කාලය ලබන 26 වැනිදා මධ්‍යහන 12 න් අවසන් වෙන බව සඳහන් වෙනවා.

මේ අතර, පළාත් පාලන ඡන්දයට තරග කරන වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන් සහ නොදුන් අපේක්ෂකයින්ගේ තොරතුරු අල්ලස් කොමිසමට යොමුකර තිබෙනවා.

පළාත් පාලන ආයතන 336 ක් සඳහා වන ඡන්ද විමසීම මැයි 6 වැනිදා පැවැත්වෙනවා. ඒ සඳහා තරග කරන පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 107 කි. ස්වාධීන කණ්ඩායම් 49 ක් ද මෙවර ඡන්ද විමසීමට තරග වැදීමට නියමිතයි.

උත්සව සමයේ ප්‍රචාරණ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා, අපේක්ෂකයින්ට උපදෙස් මාලාවක් ද ලබා දුන් බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *