කිසිසේත්ම පරිබෝජනයට සුදුසු නැහැ

වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සුදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් වත්තල, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගෙන තිබෙනවා.

පිටකොටුව ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී අනාවරණය කරගත් තොරතුරු මත අදාළ තිරිඟු පිටි තොගය සොයා ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා.

එහිදි එම ගබඩාව තුළ තිබී වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සුදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි ටොන් 750 ක් සොයාගෙන තිබෙන බවත්, අදාළ පිටිවල නිෂ්පාදිත දිනය පසුගිය වසරේ මාර්තු සහ මැයි මාස ලෙසත්, කල් ඉකුත් වීමේ දිනය මේ වසරේ මාර්තු සහ මැයි මාස ලෙසත් සඳහන් කර තිබු අතර, ඒවා දැඩි ලෙස කෘමි ආසාදනයට ලක්ව තිබු බව සඳහන් වෙනවා.

ඒ අනුව, අදාළ භාණ්ඩ තොගය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *