සමාජ මාධ්‍ය කිව්ව තරම් දෙයක් වෙලා නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුවෙන් සිටින බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ප්‍රකාශයක් ලබාදීම සම්බන්ධයෙන් අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේ දී ඔහු මේ බව කියා තිබෙනවා.

පසුගිය දිනවල හිටපු ජනාධිපතිවරයා රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වී තිබෙනු දක්නට ලැබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, ,සමාජ මාධ්‍යයේ එහෙම කිව්වට මම ගෙදර යද්දි හොඳට හිටියා., යනුවෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *