හෙට කිසිම දෙයක් වෙන්නෙ නෑ

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය විසින් හෙට 06 සිදුකිරීමට යෝජනා කර තිබූ දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.
සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී සිදුවූ ලිඛිත එකඟතාවන් මත, වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට සම්මේලනයේ සියලු නායකයන්ගේ එකගතාවය ලබාදී ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව, එම වර්ජනය මාර්තු 17 වෙනිදා උදෑසන 8 දක්වා තාවකාලිකව කල්තබා තිබෙන බව වැඩිදුරටත් සඳහන් වෙනවා.