දැන් හරි කාලය එළඹිලයි තියෙන්නේ

ගාල්ල සාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ අලුතින් ඉදිකළ ශ්‍රවණාගාරය විවෘත කිරීම කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු විශේෂ ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
අධ්‍යාපනය පිළිබඳ නව චින්තනයක් වත්මන් සමාජයට නැවත වරක් අවශ්‍යවී තිබෙන බව, විද්‍යාලයේ අලුතින් ඉදිකළ ශ්‍රවණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
එම විද්‍යාලයේ නව මං සලකුණක් සනිටුහන් කරන මෙම ශ්‍රවණාගාරය ඉදිකර ඇත්තේ විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන ෑ්ඵ මැලිබන් ටෙක්ස්ටයිල්ස් පුද්ගලික සමාගමේ සභාපති ඉලියාස් අබ්දුල් කරීම් මහතාගේ ධන පරිත්‍යාගයෙන් බව සඳහන් වෙනවා.
මෙම විශේෂ අවස්ථාව සංවිධාන කිරීම සඳහා ගාල්ල සාන්ත ඇලෝෂියස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවද එක්වූ බව වාර්තා වෙනවා.