“අලියා” ට ගිය කලක්

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහ නගර සභා කිහිපයක් සඳහා “අලියා” ලකුණ යටතේ තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඊයේ (14) රැස්වූ කෘත්‍යාධිකාරී රැස්වීමේදී ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බව සඳහන් වෙනවා.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එහි නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණු අතර, මෙහිදී නව පත්වීම් කිහිපයක් සිදුකර ඇති අතර, ඉදිරි පළාත් පාලන මැතිවරණය සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා වී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව, එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී මහ නගර සභා 04 ක් සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ “අලියා” ලකුණ යටතේ තරග කිරීමට යෝජනා වී තිබෙන අතර, එම යෝජනාවට බහුතරයකගේ එකඟතාව හිමිව තිබෙනවා.

ඒ අනුව, කොළඹ, මහනුවර, ගාල්ල, සහ නුවරඑළිය යන මහනගර සභා සඳහා ,අලියා, ලකුණින් තරග කිරීමට ඔවුන් තීරණය කර තිබෙන අතර, එක්සත් ජාතික පක්ෂයට වැඩි වාසි සහගත මහනගර සභා 04 ක් වන මෙම මහ නගර සභාවල බලය තමන්ට හිමිකර ගත හැකි බව කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් එහිදී පවසා තිබෙන බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත් සෙසු පළාත් පාලන ආයතන සඳහා තරග කිරීම අනෙකුත් දේශපාලන පක්ෂ සමග සන්ධානගතව තරග කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව, වෙනම ලකුණකින් තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එළැඹෙන 20 වැනිදාට ප්‍රථම ඊට අදාළ අවසන් තීරණයක් ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් තීරණය කර ඇති අතර, මේ වනවිටත් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා ආරම්භ වී තවත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙන බවත් වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *