හික්කඩුවේ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

හික්කඩුව පොලිස් වසමේ කුමාරකන්ද ප්‍රදේශයේ මාර්ගය අසල නිමි ඇඳුම් වෙළෙඳසැලක් ආසන්නයේ රැඳී සිටි කාන්තාවකට හා පුද්ගලයෙකුට වෙඩිතැබීමේ සිද්ධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

එම සැකකරු ඊයේ 07 හිකකඩුව පොලිස් වසමේ ගිනිමැල්ලගමහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර, වයස අවුරුදු 23ක් වන සැකකරු ගෝනපීනුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වෙනවා.

පසුගිය 03 වන දින රාත්‍රී කාලයේ හික්කඩුව පොලිස් වසමේ කුමාරකන්ද ප්‍රදේශයේ මාර්ගය අසල නිමි ඇඳුම් වෙළඳසැලක් ආසන්නයේ රැඳී සිටි කාන්තාවකට හා පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා තිබුණා.

එහිදී බරපතළ තුවාල ලබා සිටි ඔවුන් දෙදෙනා, කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත් වුණු බව වාර්තා වුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *