පුංචි ඡන්දයේ වැදගත්ම දිනයක් අදින් ඇරඹේ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වෙනවා.
අද සිට ලබන 20 වැනිදා මධ්‍යහන 12 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.
පළාත් පාලන ආයතන 336 ක් සඳහා නාමයෝජනා භාරගැනීම මෙලෙස අද දිනයෙන් ආරම්භ වන අතර, නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත වන අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වෙනවා.
මෙතෙක් ඒ සඳහා අයදුම් නොකළ සුදුසුකම් ලත් අයදුම්කරුවන්, සිය තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට භාරදීමෙන් වැළකී තම ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගෙනැවිත් භාරදෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව දැනුම් දෙනවා.
විශේෂයෙන් ම අදින් ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාග කටයුතු සඳහා බාධාවක් නොවන ආකාරයෙන් නාමයෝජනා භාරදීමේ කටයුතු සිදුකරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
