වහාම ක‍්‍රියාත්මක වන පරිදි මෙහෙයුම් කටයුතු අත්හිටුවයි

ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට මෙහෙයුම් කටයුතු නවතා දමා තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව පසුගිය ජනවාරි මාසයේ සිටම අදාළ සමාගමේ මෙහෙයුම් කයුතු සිදුකර නොමැති බව සඳහන් වෙනවා.
විදෙස් සමාගම් සඳහා මෙරට ඉන්ධන අලෙවි කටයුතු සිදු කිරීමට එවකට පැවැති රජය පියවර ගෙන තිබුණු අතරථ
ඒ අනුව චීනයේ සයිනොපෙක් සමාගම, අමෙරිකාවේ ආර්.එම්.පාක්ස්. සහ ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබූ අතර, එක් සමාගමට ඉන්ධන පිරවුම්හල් 150 බැගින් මෙරට තුළ ඉන්ධන පිරවුම්හල් 450 ක මෙහෙයුම් කටයුතු ලබා දෙනු ලැබුවා.
මේ වනවිට සයිනොපෙක් සමාගම සහ ආර්.එම් පාක්ස් සමාගම ගැටලුවකින් තොරව මෙරට තුළ ඉන්ධන අලෙවි කටයුතු සිදුකළද ඔස්ට්‍රේලියානු සමාගම සිය මෙහෙයුම් කටයුතු නවතා දමා ඇති බව සඳහන් වෙනවා.
ඔවුන් මෙලෙස සිය මෙහෙයුම් කටයුතු නතර කර ඇත්තේ, අදාළ ගිවිසුමේ පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් බව වාර්තා වෙනවා. එම ගිවිසුමට අනුව වසර 20 කට ආසන්න කාලයක් යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමට මෙරට තුළ ඉන්ධන අලෙවි කටයුතු සිදුකළ හැකි වුවත්, ඔවුන් වසරක් ගතවීමට ප්‍රථම මෙරට මෙහෙයුම් කටයුතු නතර කිරීමද විශේෂත්වයක් වෙනවා.
මේ අතර අදාළ සමාගම විසින් මෙහෙයුම් කටයුතු නතර කිරීම පිළිබඳව ලිපියක් මගින් දැනුවත් කර ඇති බවත් සඳහන් වෙනවා.
මේ සම්බන්ධයෙන් එම සේවකයින් පවසන්නේ තමන් මීට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.