ඊශ‍්‍රායල හමුදා ග‍්‍රහණයට පත්වුණු ඔස්කාර් සම්මානලාභියා

ඔස්කාර් සම්මානලාභියෙකු වන පලස්තීනයේ “Hamdan Ballal” ඊශ්‍රායල හමුදා ග්‍රහණයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ඔහු, 97 වන ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම වාර්තා චිත්‍රපටය ලෙස සම්මාන ලැබූ “Not Another Land” චිත්‍ර පටයේ සම අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ බව සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, ඔහුව මේ වන විට ගාසා හී බටහිර ඉවුරේ රඳවාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.
