යෝජනාව කාගේ වුනත් අපේ පක්ෂය සහය දෙනවා

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගෙන එන ඕනෑම යෝජනාවකට සිය පක්ෂය සහාය ලබා දෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති කරනු ලැබුවේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බව අද පැවැති උත්සවයකදී අදහස් දක්වමින් විපක්ෂනායකවරයා සඳහන් කරනවා.

එහිදි සිය පක්ෂය ඊට විරුද්ධ වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ සඳහා පත් කිරීමට හිටපු ජනාධිපතිවරයා මෙන්ම කථානායකවරයාද වගකිව යුතු බවද වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *