බිග්බෙන් කුළුණට නැග්ග පලස්තීනුවා

පසුගියදා, පලස්තීන ධජයක් අතැතිව බිග් බෙන් කුළුණට නැඟුණු පුද්ගලයෙකු ඉන් ඉවත් කිරීම සඳහා සිදුකළ මෙහෙයුමක් හේතුවෙන් ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මාලිගය අවට ගමනාගමනය ඇණහිට තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට ගිනි නිවන හමුදාව විසින් ඉනිමඟක් ආධාරයෙන් ඔහු මුදා ගැනීමට පියවර ගත් බව එම මාධ්‍ය වාර්තා සඳහන් කළා.

මේ මෙහෙයුම හේතුවෙන් පැය කිහිපයකට වෙස්ට්මිනිස්ටර් මාලිගය අවට මාර්ගය වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, ඔහු ආරක්ෂිතව ආරක්ෂක අංශ භාරයට ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

“පලස්තීනය නිදහස් කරන්න” යැයි ඉල්ලමින් එම පුග්ද්ලයා මෙලෙස බිග් බෙන් කුළුණට නැග ඇති බවයි වාර්තා වන්නේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *