තවදුරටත් කාලය දීර්ඝ කළ පරාටේ නීතිය

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව, 2025 මාර්තු 31 දින හෝ ඊට පෙර සහන පියවර සාකච්ඡා කළ රුපියල් මිලියන 25 ට අඩු ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 දෙසැම්බර් 31 වන දා දක්වා මෙම සහනය හිමිවනවා.

මේ අතර, රුපියල් මිලියන 25 – 50 ත් අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීමක් ලබා දුන් අතර, රුපියල් මිලියන 50 ඉක්මවන අයට ආධාර ලබා ගැනීම සඳහා 2025 ජුනි 30 දක්වා අවසාන දින දීර්ඝ කිරීමක් ලබා දී තිබෙනවා.

මෙම ප්‍රතිලාභ 2025 මාර්තු 31 වන දිනට පෙර බැංකු සමඟ සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පමණක් බව ද මුදල් අමාත්‍ය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

පරාටේ නීතිය ක්‍රියාත්මක වීම 2025 වසරේ මාර්තු 31 දක්වා මීට පෙර රජය විසින් අත්හිටුවා තිබුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *