ජනපතිගේ මූලිකත්වයෙන් පක්ෂ රැස්වීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, හෙට 10 පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙන බව වාර්තා වෙනවා. ඒ, අමෙරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
ඒ අනුව, හෙට පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වෙන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. සිය ඞ ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
අද උදෑසන විරුද්ධ පක්ෂ නායකයින් 12 දෙනෙකු මෙම ගැටලුව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව ඉල්ලා සිටි බව එහිදී ඔහු සඳහන් කර තිබෙනවා.
