අවුරුදු සමයේ බස් රථ ගැන ලැබුණු මගී පැමිණිලි

අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක වු බස් රථ සේවා සම්බන්ධයෙන් මගීන්ගෙන් පැමිණිලි 187ක් ලැබී ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අතර, අනුමත බස් ගාස්තු අය නොකිරීම සම්බන්ධයෙන් පැමිණිලි 63 ක්ද වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කර තිබෙනවා.

1955 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ අදාළ පැමිණිලි ලැබී ඇති බව පැවසු නයෝමි ජයවර්ධන මහත්මිය, ටිකට්පත් නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇති බවත්, ඉදිරියේදී අදාළ පැමිණිලි විමර්ශනය කරන බව ද කියා සිටිනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *