කැරලිකරුවන්ගේ ග‍්‍රහණයට පත්වූ මගී දුම්රිය

පකිස්ථානයේ මගී ප්‍රවාහන දුම්රියක් බලුච් විමුක්ති හමුදාව නමින් හඳුන්වන කැරලිකරුවන්ගේ ග්‍රහණයට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තා සඳහන් කරන ආකාරයට මෙම අවස්ථාවේ දුම්රිය තුළ මගීන් 400 කට අධීක ප‍්‍රමාණයසිට තිබෙනවා.
මේවන විටත් කැරලිකරුවන් විසින් මෙම මගීන් සිය ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබාගෙන ඇති බව සඳහන් වෙනවා. විශේෂයෙන් ම මෙම ප්‍රාණ ඇපකරුවන්ගෙන් බහුතරයක් පකිස්ථාන හමුදා සාමාජිකයින් බව විදෙස් වාර්තා පවසනවා.
කෙසේ වුවත් මේ වන විටත් ඔවුන්ගෙන් 6 දෙනෙකු ඝාතනය කර තිබෙන අතර, තමන්ට විරුද්ධව හමුදා මෙහෙයුමක් දියත් කළහොත් ප්‍රාණ ඇපකරුවන් සියලුම දෙනා ඝාතනය කරන බවට කැරලිකරුවන් විසින් අනතුරු අඟවා තිබෙනවා.
බලුකිස්ථාන් ප්‍රාන්තයේ සිට කයිබර් පක්තුන්ක්වා දෙසට එම දුම්රිය ධාවනය කර ඇති අතර, කැරලිකරුවන් විසින් දුම්රිය මාර්ගය පුපුරුවා දුම්රිය සිය ග්‍රහණයට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඕනෑම හමුදා ආක්‍රමණයකට ඒ හා සමාන ප්‍රතිප්‍රහාර එල්ල වනු ඇති බවයි.
බලුච් විමුක්ති හමුදාව යනු පකිස්ථානයෙන් බලුකිස්තානයට නිදහස අපේක්ෂා කරමින් සංවිධානය වූ කැරලිකරුවන් කණ්ඩායමක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.
