ජනතාවට පේන්නේ කෘතිම අර්බුදයක්

රට තුළ ඉන්ධන සංචිතවල කිසිඳු හිඟයක් නොමැති බව කම්කරු අමාත්‍ය මෙන්ම ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා.
අද (01) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. ඒ ඉන්ධන පිරවුම්හල් අසල ඇතිවී තිබෙන පෝලිම් පිළිබඳ ඇතිවුණ සංවාදයේදියි.
රට තුළ ඉන්ධන අර්බුදයක් තිබෙන බව පෙන්වීම සඳහා ඇතැම් සංවිධානාත්මක කණ්ඩායමක් කෘත්‍රිම ඉන්ධන අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටින බව මෙහිදී අනිල් ජයන්ත මහතා පෙන්වා වැඩිදුරටත් පවසනවා.