සිංගප්පූරු සමාගමකින් තෙල් ගන්න අවසර

2025-04-15 සිට 2025-10-14 දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Unl නැව් තොග 05 ක් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීම සිදුව තිබෙනවා.

2025-04-15 සිට 2025-10-14 දක්වා මාස 06 ක කාලයක් සඳහා පෙට්‍රල් 92 Unl බැරල් 300,000+/-5% ක් බැගින් වූ නැව් තොග 05 ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබෙනවා.

ඒ අනුව, සැපයුම්කරුවන් 07 දෙනෙකු ඒ සඳහා ලංසු ඉදිරිපත් කර තිබෙනවා.

ස්ථාවර තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති අවම ලංසුකරු වන සිංගප්පූරුවේ M/s Vitol Asia Pte. Ltd, වෙත එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *