වැඩ වරද්දගත්ත වන්දනාකරුවෝ

ශ්‍රී පාද වන්දනාවට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ගිය පුද්ගලයන් 14 දෙනෙක්ව සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් දුම්රිය ස්ථානය ඇතුළු ශ්‍රී පාදස්ථානයට පිවිසෙන මාර්ගවල මෙහෙයුම් දියත් කර ඇති බවත්, එම මෙහෙයුම් අතරතුරදී මෙම පිරිසව අත්අඩංගුවට ගත් බවත්, පොලිස් අධිකාරීවරයා සඳහන් කරනවා.
කෙසේ වෙතත්, සැකපිට අත්අඩංගුවට ගත් 14 දෙනා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් අවුරුදු 25-35 වයස් කාණ්ඩවල පසුවන බවත්, එම සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙන බවත්, පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
