ගිනි අවියක් සමග අසුවුණු ජනප‍්‍රිය රැප් ගායකයා

ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් තරුණ පරපුරේ ජනප්‍රිය රැප් ගායකයා, ඔහුගේ කළමනාකරු සහ පොලිස් කොස්තාපල්වරයා මාතර මහේස්ත්‍රාන් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලිසිය ප්‍රකාශ කරනවා.

මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ නිවසේදී සැකකරු අත්අඩංගුවට ගැනුණේ මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියක්, මැගසිනයක් සහ උණ්ඩ 10 ක් සමගයි. කෙසේ වුවත් පොලිසිය පැමිණෙන විටත් ඔහු යම් මත්ද්‍රව්‍යයක් භාවිත කර සිටි බව පොලිසිය සදහන් කරනවා.

සැකකාර රැප් ගායකයාට මෙම ගිනි අවිය ලබා දුන් බවට අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම පොලිසියට අනුයුක්තව සේවය කර සිටි පොලිස් කොස්තාපල්වරයෙක්. එම පොලිස් කොස්තාපල්වරයා මාතර – කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි කාලයේ දී මෙම ගිනි අවිය ස උණ්ඩ පොලිසියෙන් සොරාගෙන රැප් ගායකයාට ලබා දී තිබෙනවාග
එම පොලිස් ස්ථානයේ තිබූ පිස්තෝලයක් සහ උණ්ඩ 10 ක් සහිත මැගසිනයක් අස්ථාන ගත වී තිබුනේ පසුගිය 06 වනදා සිට බව වාර්තා වෙනවා.

ඔහු මන්නාරම පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලබා ගොස් තිබුණේ එම සිද්ධියෙන් දින 02 කට පසුවයි. සී.සී.ටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී මෙම පොලිස් කොස්තාපල්වරයා ගිනි අවිය ඉනෙහි සගවා ගන්නා ආකාරය නිරීක්ෂණය වී තිබුණු අතර, ඒ අනුව අදාළ විමර්ශන ක්‍රියාත්මක කර තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *