පුංචි ඡන්දය වෙනුවෙන් දින නියම වූ තැපැල් ඡන්දය

මැයි මස 6 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා සිදුකරන තැපැල් ඡන්ද සළකුනු කිරීම සම්බන්ධව මැතිවරණ කොමිසම විසින් අද (20) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, එළැඹෙන 24, 25, 28 සහ 29 යන දිනවලදී පමණක් අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිසම සිය නිවේදනය මගින් සඳහන් කර තිබෙනවා.