පුද්ගලයින් 34 කට දිවි අහිමි කළ ප‍්‍රබල ටෝනේඩෝව

අමෙරිකාවේ ගිනිකොණදිග කලාපය ඔස්සේ හමාගිය ප්‍රබල ටොනේඩෝ තත්ත්වයකින් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙහි වැඩිම බලපෑම මිසූරි ප්‍රාන්තයට එල්ල වී තිබෙන අතර, එහි පමණක් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති අතර, මෙම ටොනේඩෝවෙන් කැන්සාස්, මිචිගන්, ඉලිනොයිස් ඇතුළු ප්‍රාන්ත රැසකටද හානි සිදුව තිබෙන බව වාර්තා වෙනවා.
කැන්සාස් හි ඇතිවූ දුහුවිලි කුණාටුවක් හේතුවෙන් රථවාහන 55 ක් පමණ එකිනෙක ගැටී ඇති අතර, එම අනතුරෙන් පුද්ගලයින් 8 දෙනෙකුට දිවි අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ වගේම, මිසූරි ඇතුළු ප්‍රාන්ත 5 ක නිවාස සහ ගොඩනැගිලි 170,000ක විදුලි බිඳවැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
