ප‍්‍රසන්න රණවීරත් කොටුවෙලා

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබෙන බව වාර්තා වෙනවා. ඊයේ (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා තිබෙනවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනම පනවා තිබෙන්නේ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළවයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් ම හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගියදා පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගෙන මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ 17 දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබුණා.

ඒ අනුව, මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා ඇතුලු සැකකරුවන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණු බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *