ප‍්‍රසන්න රණවීරගේ රීට් පෙත්සම

කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි රජයේ ඉඩමක් අයුතු ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා, හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙන බව වාර්තා වෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබූ බව සඳහන් වෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් මේ වන විට මහර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *